web tracker

අසංක නවරත්නටත් කොරෝනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටියේ පසුගිය දින කිහිපයේදී තමා සමීපව ඇසුරු කළ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම කොවිඩ් ආසාදනය වූ අතර අවසන් වරට එලෙස ආසාදිතයෙකු බවට පත් වූයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධනයි.

ඒ අනුව අගෝස්තු මාසය තුළදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් 10 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ අසංක නවරත්න මහතායි.

Facebook Comments