web tracker

ඇෆ්ඝනිස්ථානයට පැමිණි යුක්රේන ගුවන් යානයක් පැහැර ගැනෙයි

ඇෆ්ඝනිස්ථානයෙන් පුද්ගලයන් ඉවත් කරගැනීම සඳහා පැමිණි යුක්රේන ගුවන් යානයක් පැහැර ගැනීමකට ලක්වී තිබෙනවා.

එය මේ වනවිට ඉරානය දක්වා රැගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කුමන පාර්ශවයක් විසින් පැහැර ගැනීම සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම ක්‍රියාවත් සමග ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වීමට සිටි යුක්රේන ජාතිකයන් විශාල පිරිසක් කාබුල් ගුවන් තොටුපළේ රැඳී සිටින බවයි වාර්තාවල දැක්වෙන්නේ.

Facebook Comments