web tracker

ඉන්ධන නැව් පිළිබඳව ඇමති කංචනගෙන් ප්‍රකාශයක්

ලබන 15 වනදාත් 17 වනදාත් අතර මෙරටට පැමිණීමට නියමිත ඩීසල් රැගත් නෞකාවක් සඳහා මෙන්ම 22 වනදාත් 24 වනදාත් අතර කාලයේදී පැමිණෙන පෙට්‍රල් නෞකාවක් සඳහා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේද සහය ඇතිව අදාළ ගෙවීම් ලංකා අයි ඕ සී සමාගමට  පූර්ණ වශයෙන් ගෙවීම්  සිදුකර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර  සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි  .

හෙටත් 15 වනදාත් අතර කාලයේදී ඩීසල් නෞකාවක්ද, 14 ත් 16 ත් අතර කාලයේදී දැවිතෙල් නෞකාවක්ද, 15 ත් 17 ත් අතර කාලයේදි බොරතෙල් නෞකාවක්ද ළගාවීමට නියමිතව ඇති බවත් එම නෞකා කොළඹට පැමිණීමෙන් පසුවගෙවීම් සිදුකිරීමට නියමිතව ඇති බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි .

 

Facebook Comments