web tracker

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීමට සැලසුම් ක්‍රියාත්මක වේ

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සඳහා සියලු පාර්ශව එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව එම සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් අද දින (27) සදහන් කර තිබෙන බව වාර්තා වේ.

ඒ යටතේ නුදුරු දිනකදී සුළු පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී පවතින ආසන සංවිධායකවරුන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ අවස්ථාවට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙන බව වාර්තා වේ.

Facebook Comments