හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් හතර දෙනකු ඇතුළු 20 දෙනකුට කොවිඩ් වයිරසය අසාදනය වි ඇති බව වාර්තා වනවා.
හෙදියන් 07 දෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 09 දෙනකු ද ඊට අයත් බවයි පැවසෙන්නේ.
පවත්නා තත්ත්වය හමුවේ රෝහලේ දෛනික කටයුතු වලටද බාධා පැමිණ ඇති බවයි රෝහල් ආරංච් මාර්ග පවසන්නේ.