web tracker

ධම්මික පෙරේරාගේ නම ගැසට් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙන අතර සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ධම්මික පෙරේරා ඉල්ලා අස්වීමට ද තීරණය කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා නම් කර තිබුණි.

Facebook Comments