web tracker

පාකිස්තාන ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

සංචාරක පාකිස්තාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන අතර ඊයේ (17) දිනය නිමා විට එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටිනවා.

ඕෂධ ප්‍රනාන්දු සහ කසුන් රාජිත නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර පාකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 218කට සීමා කිරිමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් ඊයේ සමත් වුණා.

Facebook Comments