web tracker

පාකිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ පාකිස්තානු පළමු ඉනිම ලකුණු 218කට සිමා වෙයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

අද දිනයේ තරඟය ආරම්භ කරන විට කඩුලු 2ක් දැවී ලකුණු සංඛ්‍යාව 24 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායම දිනය අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 218 ක් පමණයි.

පාකිස්තානු ඉනිම වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 119ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් දවා ගැනීමට සමත්වුවා.

ඒ අනුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 36 ක් ලබා සිටිනවා.

Facebook Comments