web tracker

බ්‍රිතාන්‍ය අගමැති පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

කොන්සර්වේටිව් පක්ෂ නායක බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එහි  නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ පවතින ආර්ථික ගැටළු හා කරුණු කිහිපයක් මුල්කරගනිමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් කැරැල්ලක් දියත් කළ අතර ඔහුට එරෙහිව දෝෂාභියෝගයද ඉදිරිපත් වුණා. දෝෂාභියෝගයට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා සාර්ථකව මුහුණ දුන් අතර ඔහු ඊට පසුද අග්‍රාමාත්‍යධුරයේ දිගින් දිගටම කටයුතු කළා.

කෙසේ නමුත් පසුව ඔහුගේ රජයේ අමාත්‍යවරුන් රැසක් සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර එල්ලවන පීඩනය හමුවේ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් හා පසුව අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව කොන්සර්වේටිව් නායකත්වය තේරීම තවත් දින කිහිපයකින් සිදුවනු ඇති බවත්, ඉන් පසුව ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන පක්ෂ සමුළුවට නියමිත වේලාවට නව අගමැතිවරයෙකු පත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

Facebook Comments