web tracker

මීරිගම කන්දකැලේ ශෝචනීය ඉරණම

මේ ඔබ දකින්නේ ගම්මාන දෙකක් මැද පිහිටි ජලපෝෂක ප්‍රදේශයක් වු ඉතාමත් සුන්දර කදුයායක් වන මිරිගම 41 හල්පේ කන්දකැලේ කදුයායේ අද පවතින ශෝචනීය තත්වයයි.

ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත ගම්මාන දෙකක පවුල් 2000 කට පමණ ජලය සැපයෙන ස්වාභාවික ජල උල්පත් විනාශ කරමින් අධිවේගි මාර්ග සංවර්ධන මුවාවෙන් කරගන යන දැවැන්ත පස් ජාවරමක රූප සටහන් කිහීපයකි.

මේ සදහා පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් අමාත්‍යාංශය සහ ඒ හා බැඳුණු අමාත්‍යාංශ කුමන පදනමක් මත මෙවනි විනාශකාරි ක්‍රීයාවන්ට අනුමැතිය ලබා දුන්නාද යන්න විශාල ගැටලුවකි. ගම නියෝජනය කරන ග්‍රාමසේවක ඇතුලු ගම තුල පත්කර ඇති වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් ද මේ සදහා අනුමතිය ලබා දී ඇත්තේ හොර රහසේය.
කිසිම විටක මේ පිලිබදව ගමේ පරිසර කමිටු සහා ග්‍රාමීය ජනතාව රැස්කර කිසිවිටකත් දැනුවත් කිරීමට කටයුතු කර නොමැත. ඔවුන් ඔවුන්ගෙ තනි තීරණ මත ඔවුන්ගේ බලය අවභාවිතා කරමින් නිර්දෙශ ලබා දී ඇත.

මේ තුලින් සිදුවන පරිසර හානිය වචනයෙන් විස්තර කල නොහැකි කරුණකි. මනුෂ්‍යයන් පමණක් නොව සතා සිව්පාවා පවා මේ අමානුෂික ක්‍රීයාකලාපයන් නිසා මේ වන විට අසරණ වී ඇත.

කන්දපාමුල තිබෙන්නෙ වසර 423 පැරණි පුරාණ විහාරස්තානයක්ද ඇත. මේ හෙතූන් නිසා විහාරස්ථානයටත් දැඩි බලපෑමක් සිදුවිය හැකිය. අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය තුල මේ වන නඩුවක් විභාග වෙමින් පවතින අතර අධිකරණය විසින් දැනට වාරණ නියෝගයක් ලබා දී ඇත. මුදලට වහල් නොවී ගමට ආදරය කරන, පරිසරයට ආදරය කරන ගම තුල ජීවත්වන කිහිපදෙනෙක් හෝ සිටීම වාසනාවට කරුණකි.

Image may contain: tree, mountain, sky, outdoor and nature

Image may contain: tree, sky, mountain, outdoor and nature

Facebook Comments