web tracker

රනිල් පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අද (23) දින නම් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සියලුම දෙනාට අද දින ඊට සහභාගී වන ලෙස දන්වා ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඉදිරි පෙළ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණද වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එම මන්ත්‍රී ධූරය භාර ගන්නා ලෙස ඉල්ලීමක් සිදුව ඇත.

එමෙන්ම ලබන වසර වන විට පක්ෂයේ සිදුවන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද අද දින යම් එකඟතාවන්ට පැමිණීමට හැකිවනු ඇති බවද වාර්තා විය.

Facebook Comments