web tracker

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල

 සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක්  වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම 2022.07.01 දින සිට 2022.07.31 දින දක්වා කල්ඉකුත් වන වයඹ පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව අලුත් කරගැනීම වෙනුවෙන් 2022.08.31 දින දක්වා සහන කාලයක් ද ලබාදී තිබෙනවා.

වයඹ පළාතේ වාහන සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ආදායම් බලපත්‍ර ලබාගැනීමේ පහසුකම් සපයා ඇති බවද වාර්තා වෙයි .

Facebook Comments