web tracker

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත් වේ

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වී තිබෙනවා.

ඔහු ඡන්ද 134 ලබාගෙන තේරීපත් වූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නිවේදනය කර සිටියා.

මේ අතර සෙසු අපේක්ෂකයින් වූ ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ලබාගත් අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඡන්ද 3 ක් ලබාගනු ලැබුවා.

Facebook Comments