web tracker

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වැඩ වර්ජනය තාවකාලිකව නතර කෙරේ

ඊයේ (05) දහවල් දුම්රිය ධාවනාගාර කාර්යමණ්ඩලය ක්ෂණිකව සේවයෙන් ඉවත් වීම සමඟ දුම්රිය ගමන් වාර 140 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු වූ අතර එයට විරෝධය පළ කරමින්  ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට සියලූම සේවාවාලින් ඉවත්වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබුණා .

කෙසේ නමුත්  ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට සියලූම සේවාවාලින් පැය 24 කට ඉවත්ව ක්‍රියාත්මක කිරීමට තිබු වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව කල් දැමීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

පවතින තත්ත්වය මත පාලනාධිකාරිය විසින් දුම්රිය ධාවනය යතා පරිදි ධාවනය කිරීමට පොරොන්දු වීම ඊට හේතුව බව ආරංචි මාර්ග වාර්තා කරයි .

 

 

Facebook Comments