web tracker

ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්තානයට

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.

එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Abdullah Shafique ලකුණු 160ක් රැස්කරගැනීමට සමත්විය.

මේ අතර Babar Azam ලකුණු 55ක් රැස්කරගැනීමට ද සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් ලබා ගත් අතර රමේෂ් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 222ක් රැස්කරගැනීමට සමත්වූ අතර දෙවන ඉනිම වෙනුවෙන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 218ක් රැස්කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 337ක් රැස්කරගත් අතර එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94ක් රැස්කරගැනීමට සමත්වුණි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ වීරයා වූයේ Abdullah Shafique ය.

Facebook Comments