web tracker

සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂම කිරීමට අගමැතිගෙන් උපදෙස්

සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලූ ත්‍රෛමාසිකව සමාලෝචනය කර සංවර්ධන කටයුතු සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් පවත්වාගෙන යන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා

ඒ අනුව අදාළ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමග රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ හා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ආයතන කිහිපයක දෙවැනි කාර්තුවේ ව්‍යාපෘති ප්‍රගතිය විමසා බැලීම අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා

ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලූ නිළධාරීන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කලා.

වැටුප් ගෙවීමට ඒ ඒ ආයතනවලට ආදායමක් ඇත්නම් ඇබෑර්තු පිරවීම තහනම් කර නොමැති අතර අවශ්‍යම අය බඳවාගන්නා ලෙසයි මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් දී ඇත්තේ.

Facebook Comments