web tracker

සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන දැන්වීම් ගැන කථානායකවරයාගෙන් පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන දැන්වීම් සම්බන්ධයෙන් කථානායකවරයා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා.

මේ අනුව එවැනි දැන්වීම් සකසන්නන්, පළකරන්නන්, හුවමාරු කරන්නන් සහ එවැනි සමාජ ජාලා ගිණුම් පරිපාලකවරුන් සියළුදෙනා සම්බන්ධයෙන් විමර්ශනවලදී සොයා බැලෙන නව සදහන් වෙනවා.

ඔවුන් සියළුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුර සදහන් වෙනවා.

Facebook Comments