web tracker

LOCKDOWN ඉල්ලු අය දුප්පතුන්ට හා වීදි සතුන්ට අහාර ලබා දිය යුතුය

පසුගිය දින කිහිපය පුරාම මුහුණු පොතේ ප්‍රධාන සටන්පාඨය වූයේ රට වසා දමන ලෙස වූ ඉල්ලීමකි. මෙම ඉල්ලීම කරන ලද බොහෝ පිරිසක් විපක්ෂ දේශපාලන මතවාදයන් තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිතර නිතර ප්‍රචාරය කරන පිරිසක් බව බැලු බැල්මටම පෙනෙන්නට තිබේ. එපමණක් නොවේ ඔවුන්ගේ ප්‍රධාන ආදර්ශ පාඨය වූයේ මොනවා කරන්නත් මිනිස්සුන්ගේ ජිවිත ආරක්ෂා වී තිබිය යුතු බවයි. මෙය ඇත්තක්ද?

ඇත්තටම මුහුණු පොත භාවිතා කරන මධ්‍යමපාන්තික විපක්ෂ මතධාරීන් අනෙකාගේ ජිවිත පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නම් මේ මොහොතේ සංවිධානාත්මකව රට වැසීම නිසා අසරණ වන දුප්පතුන්ට සහ වීදි සතුන්ට උදව් කිරීමේ ක්‍රමයක් නිර්මාණය කළ යුතුය. එසේත් නැත්නම් ඔවුන්ගේ ඉල්ලීම තම පෞද්ගලික ආර්ථික අභිලාෂයන් මුදුන් පත් කරගැනීමට කරන ලද ආත්මාර්ථකාමී ඉල්ලීමක් බව පැහැදිළි වීම නොවැලැක්විය හැකි වනු ඇත.

Facebook Comments