web tracker

X-PRESS PEARL ගිනි ගැනීම හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින්ට වන්දි ගෙවීම අද සිට

ගිනි ගැනීමට ලක්වූ නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම අද (12) සිට ආරම්භ කෙරේ.

නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට ලැබෙන සමස්ත වන්දි ගෙවීමට පෙර රජය ඉල්ලා සිටි අතුරු වන්දි මුදල් ප්‍රමාණය මෙසේ ධීවරයන් වෙනුවෙන් ලබාදීම සිදුකෙරේ.

ඒ අනුව රුපියල් මිලියන 420 මුදලක් ධීවරයන් 16,000 වෙනුවෙන් බෙදා දීමට නියමිතය.

මෙම මුදල් බැංකු මඟින් ගිණුම් ගත කිරීම පමණ සිදුකරන අතර චෙක්පත් මඟින් මුදල් ලබාදීම සිදුනොකරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා සිටිනවා.

Facebook Comments